පුරාණ ශිෂ්ඨාචාරයන්හි සංස්කෘතික ආර්ථික සහ සමාජයීය තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා මෙම ගවේෂණය අතිශය වැදගත් වනු ඇතැයි,විද්‍යාඥයින් පවසයි. 2018 වසරේ මෙම ස්ථානයේම තිබී අශ්වයින් තිදෙනෙක්ගේ අස්ථි කොටස් ද සොයා ගත් බවයි වාර්තා වන්නේ.
අතීතයේ රෝම ශිෂ්ඨාචාරයන්හි උත්සව සහ පෙළපාලි ආදියට මෙම රථ විචිත්‍රවත් අයුරින් යොදා ගන්නට ඇති බවට විශ්වාස කෙරේ. ක්‍රිස්තු වර්ෂ 79 දී වෙසුවියස් ගිනි කන්ද පුපුරා යාමෙන් පොම්පේ නගරය අළුගොඩක් බවට පත්විය. කෙසේ වුවද, මෙය පුරා විද්‍යාත්මක නිධානයක් බඳු ස්ථානයක් ලෙසයි විද්‍යාඥයින් සලකන්නේ.