ඒ සම්බන්ධ පර්යේෂකයන් බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාව වෙත ඊයේ ඒ බව ප්‍රකාශ කර තිබේ.
පෙර වෛරසයට වඩා 30%ත් 100ත් අතර මරාන්තික බව ඉහළ අගයක පවතින නව වෛරස ප්‍රභේදය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට ආසාධනය වීම ද වේගවත්.
බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාව ප්‍රකාශයට පත් කළ අධ්‍යයන තොරතුරුවලට අනූව ලෙස නම් කර ඇති මෙම වෛරසය රටවල් 100කට වැඩි සංඛ්‍යාවක ව්‍යාප්තව පවතියි.
එක්සෙටර් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක අධ්‍යයන තොරතුරුවලට අනූව ඉහළ මරණ අනුපාතිකය හා වේගයෙන් ව්‍යාප්ත වීමට ඇති හැකියාව හේතුවෙන් මෙහි සෞඛ්‍ය තර්ජනය බරපතල ලෙස සැලකිය යුතු බවයි, විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.