ඉන්දියාව, "ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා" එන්නත අපනයනය තාවකාලිකව නතර කරයි

මාර් 25, 2021

    ඉන්දියාව, "ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා" එන්නත අපනයනය තාවකාලිකව නතර කර තිබේ.

    දේශීය ඉල්ලුම සපුරා ගැනීම අරමුණයි. එන්නත් අපනයනය තාවකාලිකව නතර කිරීමෙන් රටේ එන්නත් සංචිතය ඉහළ ගොස්, එම අවශ්‍යතාව අප්‍රේල් මස වනවිට සම්පූර්ණ වනු ඇතැයි ඉන්දීය බලධාරීන් පවසයි.

    ඉන් පසුව එන්නත් තොග යළි අපනයනයට ඉන්දියාව බලාපොරොත්තු වේ. කෙසේ වුවද, ඉන්දියාව ගත් මෙම හදිසි තීරණයෙන්, ලෝක සෞඛ්‍ය සංවිධානය ක්‍රියාත්මක කිරීමට සූදානම් කොට තිබූ "කොවැක්ස් එන්නත් වැඩපිළිවෙළින් රටවල් 190කට නොමිලයේ එන්නත් ලබාදීමට සැලසුම් කර තිබිණ.

    මේ අතර, ඉන්දියාවෙන් ඉකුත් පැය 24 තුළ නව ආසාදිතයන් 53,419ක් හඳුනා ගෙන තිබේ. එය පසුගිය ඔක්තෝබර් 23 පසු එරටින් හඳුනා ගැනුණු වැඩිම දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවයි.

    Latest News