ඊජිප්තුවේ 32කට මරු කැදවමින් දුම්රිය අනතුරක්

මාර් 27, 2021

    ඊජිප්තුවේ මාරාන්තික දුම්රිය අනතුරක් හේතුවෙන් පුද්ගලයන් 32 දෙනෙක් මරණයට පත්ව තිබේ.

    තවත් පුද්ගලයන් 91 දෙනෙක් බරපතල තුවාල සහිතව රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි.

    ඊජිප්තු අගනුවර වන කයිරෝ සිට කිලෝමීටර 365ක් දුරින් අනතුර සිදුව තිබේ. නාදුනන පුද්ගලයෙක් විසින් ඉදිරියෙන් ගමන් කර ඇති දුම්රියේ හදිසි තිරිංග ක්‍රියාත්මක කිරීම හේතුවෙන් දුම්රිය නවත්වා තිබේ.

    නමුත් ඊට පසුපසින් එකම දිශාවට ගමන් කරන ලද දුම්රියක් නවත්වා තිබූ දුම්රියේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

    ගැටීමෙන් අනතුරුව දුම්රිය මැදිරි පීලි පැන අනතුර මාරාන්තික අනතුරක් බවට පත්ව තිබේ. අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම නියෝග කර ඇති බව රජයේ නීති කාර්යාලය පවසයි.

    Last modified on සෙනසුරාදා, 27 මාර්තු 2021 11:06

    Latest News