චීනයේ ෂුරෝංග් රෝවරය අඟහරු මත පරීක්‍ෂණ අරඹයි

මැයි 23, 2021

    චීනය විසින් අඟහරු ග්‍රහයා මතට ගොඩ බස්වන ලද ෂුරොංග් රෝවරය ඊයේ සිය පරීක්‍ෂණ ආරම්භ කළේය.

    අඟහරු පෘෂ්ඨය මත අධ්‍යයන රැසක් සිදුකිරීම අපේක්‍ෂාවයි. අඟහරු ග්‍රහයාගේ උතුරු අර්ධ ගෝලය වෙත රෝවරය ගොඩ බස්වනු ලැබුවේ ඉකුත් 15 වැනි දිනයි. මෙම ගවේෂණය මියැන්වෙන් අඟහරු මෙහෙයුමේ කොටසක් ලෙස සැලකේ.

    මෙමඟින් අඟහරු ග්‍රහයාගේ සංයුතිය, දේශගුණය, භෞතික හා අභ්‍යන්තර ව්‍යුහය ආදිය පිළිබඳ අධ්‍යයන සිදු කෙරේ.

    Latest News