අමෙරිකානු ජනාධිපති කොමිසමට ශ්‍රී ලාංකිකයෙක් පත් කෙරේ

ජූනි 11, 2021

    අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් විසින් ධවල මන්දිරයේ සාමාජිකත්ව පිළිබඳ ජනාධිපති කොමිසමට ශ්‍රී ලාංකික පුරවැසියෙකු වන ආචාර්ය ජෝර්ජ් ඊ. ගේබ්‍රියෙල් මහතා පත්කර ඇති බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි.



    ආචාර්ය ගේබ්‍රියෙල් මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ අයෙකු වන අතර පසුව එක්සත් ජනපදයට සංක්‍රමණය වී තිබේ.

    ඒ මහතා “ද ෆුල්බ්‍රයිට්” වැඩසටහන් විශාරදයෙකු ද වේ.

    ජනාධිපති බයිඩන් ජුනි 04 වන දින ධවල මන්දිරයේ සාමාජිකත්ව පිළිබඳ ජනාධිපති කොමිසමට සාමාජිකයින් 22 දෙනෙකු පත් කර ඇත.

    පුළුල් පරාසයක පසුබිම්, අත්දැකීම් සහ වෘත්තීන් නියෝජනය කරන අතරම අමෙරිකාවේ විවිධත්වය හා ශක්තිය පිළිබිඹු කරන කැපී පෙනෙන පුරවැසියන්ගෙන් අදාළ කොමිසම සමන්විත වේ.

    Latest News