චිලී රාජ්‍යයේ 60%කට එන්නත දී ඇති පසුබිමක කොවිඩ් උග්‍ර අතට

ජූනි 12, 2021

    චිලී රාජ්‍යයේ 60%කට වැඩි පිරිසකට කොවිඩ් එන්නත ලබාදී ඇති පසුබිමක වුවද එරට වසංගත තත්වය උග්‍ර වෙමින් පවතී.

    එම නිසා සැන්ටියාගෝ ප්‍රදේශයේ සංචරණ සීමා ඇතුළු නව සීමා රැසක් පනවා ඇති බව වාර්තාවේ. සැන්ටියාගෝ අගනුවර සහ අවට ප්‍රදේශවල මිලියන 8කට වැඩි පිරිසකට නව සීමා බලපැවැත්වේ.

    පසුගිය බ්‍රහස්පතින්දා සිට දෛනිකව කොරෝනා ආසාදිතයන් 7000කට අධික පිරිසක් වාර්තා වන අතර, ඒ සමඟ සෞඛ්‍ය අංශ පත්ව ඇත්තේ දැඩි පීඩනයකටයි. චිලීහි රෝහල් දැඩි සත්කාර ඒකකවල ධාරිතාව ඉක්මවා යාමට ආසන්න වෙමින් පවතී.

    ඉකුත් පැය 24 තුළ ලොව පුරා සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 11,438ක්. ඊයේ ගෝලීය වශයෙන් නව ආසාදිතයන් හාර ලක්‍ෂ 12,000ක් වාර්තා විය. එම ගණනත් සමඟ කොරෝනා සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දාහත් කෝටි 60 ලක්‍ෂ 47,000 ඉක්මවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    Latest News