ඉරානයේ බෝම්බ ප්‍රහාරයකින් 27ක් මරුට

පෙබ 14, 2019

    ඉරානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත් තිබේ.

    තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රහාරය ඉරාන පකිස්තාන දේශ සීමාව අසළ දී ඊයේ සිදුවූ තිබේ. ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදා සමාජිකයන් ඉලක්ක කර, මෙම ප්‍රහාරය එල්ල කර තිබේ බවයි, මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. ප්‍රහාරය පිටුපස ජේ අල් එයිඩී නමැති ත්‍රස්තවාදී කණ්ඩායම සිටින බවට විදෙස් තොරතුරු සේවාවල සඳහන්.

    මැද පෙරදිග පිළිබඳ අමෙරිකාවේ මූලිකත්වයේන පෝලන්තයේ වෝර්සෝ නගරයේ දී පැවැත්වෙන අන්තර්ජාතික සමුළුවක ආරම්භක දිනයක දී මෙම ප්‍රහාරය සිදුවී තිබීම විශේෂත්වයක්. මෙම සමුළුව සහ ත්‍රස්ත ප්‍රහාරය අතර සම්බන්ධයක් පවතින බව, ඉරාන විදේශ අමාත්‍ය මොහොමඩ් ජවාඩ් සරීෆ් පවසයි.

     

    Latest News