ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන් තොටුපල ආසන්නයේ පිපිරීමක්

අගෝ 26, 2021

    ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන් තොටුපල ආසන්නයේ පිපිරීමක් සිදුව තිබේ.

    අමෙරිකාව පවසන්නේ පිපිරීමෙන් සිදුවූ හානිය පිළිබඳව තවමත් පැහැදිලි විස්තර ලැබී නොමැති බවයි. රටවල් රැසක්ම මේ වනවිට ඇෆ්ගනිස්තානයේ සිය රටවැසියන් සහ ඇෆ්ගන් ජාතිකයින් ඉවත් කරගැනීම සිදු කරමින් සිටී.

    ඇෆ්ගනිස්තානය ඒ සඳහා ලබාදී ඇති කාලය අවසන් වීමට ඇත්තේ තව දින 5ක් පමණි. එම නිසා බොහෝ රටවල් මේ වනවිට එම කටයුතු කඩිනම් කර තිබේ. ඇෆ්ගනිස්තානයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් තිබෙන බවට වාර්තා රැසක් මේ වනවිට පළ වී තිබේ. ජර්මනිය පවසන්නේ ඇෆ්ගනිස්තානයෙන් සිය ජනතාව ඉවත් කරගැනීමේ කටයුතු මේ වනවිට වඩාත්ම අවදානම් තත්වයකට පත්ව ඇති බවයි.

    කෙසේ වෙතත්, බොහෝ රටවල් සඳහන් කරන්නේ අවසන් දිනය වනවිට බලාපොරොත්තු වු සියලු දෙනා ඉවත් කරගැනීම අපහසු වනු ඇති බවයි.

    Latest News