එමගින් කොරෝනා වැළඳීමෙන් අසාධ්‍ය වීම හෝ මරණයට පත්වීම බොහෝ දුරට වලකාගත හැකි බවයි, ඉන් තහවුරු වී ඇත්තේ. අමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලන හා වැලැක්වීමේ මධ්‍යස්ථානය එන්නත්කරණය පිළිබඳ නව අධ්‍යයනයක් සිදුකර ඇති අතර, එහි දත්ත අනුව පෙනී යන්නේ, කොවිඩ් මර්දන එන්නත් ලබානොගත් පුද්ගලයින්ට වෛරසය වැළඳීමේ අවදානම හතර ගුණයකට වඩා වැඩි බවයි.
එන්නත් නොකළ පුද්ගලයින් මරණයට පත්වීමේ අවදානම, පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින්ට වඩා 11 ගුණයකින් වැඩි බවද, එම දත්තවල දැක්වෙනවා. මෙම අධ්‍යයනය සඳහා ඉකුත් අප්‍රේල් සිට ජුලි දක්වා කාලසීමාව තුළ අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් ලක්ෂ 06 කට අධික සඛ්‍යාවක් මෙන්ම, ප්‍රාන්ත 13 ක කොරෝනා ආශ්රිත රෝහල් ගත කිරීම් හා මරණ පිළිබඳ දත්ත සොයා බැලුණු බවයි, පර්යේෂකයින් පවසා ඇත්තේ.