ඉන්දියාවේ නැවත වරක් කොරෝනා ව්‍යාප්ත වීමේ අවදානමක්...

සැප් 11, 2021

    ඉන්දියාවේ බටහිර හා දකුණු ප්‍රදේශවල වාර්ෂික ආගමික උත්සව මේ දිනවල පැවැත්වේ.

    මෙමගින් නැවත වරක් කොරෝනා ව්‍යාප්ත වීමේ තර්ජනයක් පවතින බවට එරට සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත. ආගමික ස්ථාන වෙත ඇතුළු වීම සීමා කරමින් දැඩි නීති පනවා ඇති පසුබිමක එය නොතකා උත්සව සඳහා විශාල පිරිසක් එක්රොක් වෙමින් සිටින බවට වාර්තා වේ.

    ඊයේ දිනයේදී ඉන්දියාවේ කොරෝනා මරණ 304 ක් සිදුව ඇති අතර, ඊයේ එරටින් හඳුනා ගැනුණු නව ආසාදිතයින් සංඛ්‍යාව 37,873 ක්. ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද වන විට 33,200,000 ඉක්මවා ඇති අතර, එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 442,000 කට අධිකයි.

    Latest News