ඇෆ්ගනිස්තාන නව රජය පිහිටුවීමෙන් පසු ජාත්‍යන්තර ගුවන් ගමන් ඇරඹේ.

සැප් 10, 2021

    ඇෆ්ගනිස්තාන නව රජය පිහිටුවීමෙන් අනතුරුව ජාත්‍යන්තර ගුවන් ගමන් යළි ආරම්භ කර තිබේ.

    අමෙරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍ය හා ජර්මනිය වැනි රටවල පුරවැසියන් ඇතුළුව මගීන් 113 දෙනෙකු රැගත් යානයක් ඇෆ්ගනිස්තානයේ සිට කටාර් රාජ්‍යයයේ දෝහා අගනුවර වෙත අද පැමිණි බව වාර්තාවේ.

    තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ කාබුල් ගුවන් තොටුපල අත්පත් කරගැනීමෙන් පසු එහි සිට ජාත්‍යන්තර ගුවන් ගමන් අත්හිටුවනු ලැබීය. පසුව නේටෝ හමුදා ගුවන් යානා මගින් විදේශ රටවල පුරවැසියන් හා ජිවිත තර්ජන සහිත පුද්ගලයන් මුදාගැනීම සිදුකරනු ලැබීය.

    ඉන් අනතුරුව, වාණිජ වශයෙන් සිදුවූ ගුවන් ගමන් මෙය වන අතර, අද තවත් ගුවන් යානයක් ඇෆ්ගනිස්තානයෙන් ගමන් ආරම්භ කිරිමට නියමිත බව වාර්තාවේ.

    Latest News