ස්පාඤ්ඤයේ අගමැති හදිසි මැතිවරණක් කැඳවයි

පෙබ 16, 2019

    ස්පාඤ්ඤයේ හදිසි මහමැතිවරණයක් කැඳවීමට අග්‍රාමාත්‍ය පෙඩ්ඩ්‍රෝ සැන්වෙස් තීරණය කර තිබේ.

    පාර්ලිමේන්තුවේ කැටලන් ජාතික මන්ත්‍රීවරුන් අයවැය යෝජනාවලියට සහය පළ නොකිරීම, මීට හේතුවයි. සමාජවාදී ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කළ අයවැය යොජනාවලිය පරාජයට පත් කිරීම හේතුවෙන්, අග්‍රාමාත්‍යවරයා මේ පියවර ගෙන ඇති බවයි, වාර්තා වන්නේ.

    මේ අනූව, මේ වසරේ අප්‍රේල් මස 28 වැනි දා මහමැතිවරණය පැවැත්වීමට තීරණය කර තිබේ. පසුගිය මහමැතිවරණයෙන් බහුතර බලයක් ලබා ගැනීමට කිසිඳු පක්ෂයක් සමත් නොවූ අතර, ඒ හේතුවෙන්, තවත් පක්ෂ කිහිපයක සහයෝගය, සහිතව රජයක් පිහිටුවීමට සමාජවාදී පක්ෂය කටයුතු කළේය. කෙසේ වෙතත්, මේ වන විට අදාළ පක්ෂවල නියෝජිතයන් ද රජයේ අයවැය යෝජනාවලියට සහය පළ කර නොමැති බවයි, විදෙස් වාර්තා සඳහන් කළේ.

    Latest News