රුසියාව නැවතත් පුටින්ට...

සැප් 20, 2021

    රුසියාවේ පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ජය, ජනාධිපති විලැදිමීර් පුටින්ගේ යුනයිටඩ් රෂියා පක්ෂය හිමි කරගෙන ඇත.

    එරට මධ්‍යම මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ, අද ඡන්ද 98% ක් ගණනය කර අවසන් බවයි. මහ මැතිවරණ ජයග්‍රහණ තහවුරු කිරීම සඳහා එම පක්ෂය 50% කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් දැනටමත් හිමිකරගන තිබේ. නමුත්, 2016 මහ මැතිවරණයේදී පූටින්ගේ පක්ෂය අත්කරගත් 54% ක ඡන්ද ප්‍රමාණය මෙවර මැතිරවරණයේදී යම් අඩුවීමක් දක්නට ඇත.

    කෙසේ වුවද පක්ෂ නියෝජිතයින් පවසන්නේ, එරට පාර්ලිමේන්තුවේ ආසන 405 න් 300 ක් තමන් සතු කරගැනීමට හැකි බවයි. යුනයිටඩ් රෂියා පක්ෂයේ ප්‍රධානතම ප්‍රතිවාදීන් රැසකට මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව නොලැබුණි.

    Latest News