ස්පාඤ්ඤ උණ අභිබවූ අමෙරිකාවේ කොවිඩ් මරණ

සැප් 22, 2021

    අමෙරිකාවේ දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව යළි ඉහළ ගොස් තිබේ.

    ඊයේ එරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 1,927ක්. ඉකුත් මාර්තු මාසයෙන් පසු එරට දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව 1,900 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි.

    අමෙරිකාවෙන් ඊයේ කොරෝනා ආසාදිතයන් එක් ලක්ෂ 20,579 දෙනෙකු හඳුනා ගැනිණ. ලොව රටකින් ඊයේ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මෙයයි. ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනූව එරට ජනගහනයෙන් 64%කට වැඩි පිරිසකට අවම වශයෙන් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා දී අවසන්.

    ඉකුත් සති දෙක තුළ එරට කොරෝනා මරණවල දෛනික සාමාන්‍ය අගය 40%කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

    මේ මස ආරම්භයේ සිට ඉහළ මරණ අනුපාතයක් වාර්තා වන්නේ, බටහිර වර්ජිනියා ප්‍රාන්තයෙන්. ජෝර්ජියා සහ කැලිෆෝනියා ප්‍රාන්තවල ද ඉහළ කොරෝනා ව්‍යාප්තියක් පවතියි.

    අමෙරිකාවේ මේ වන විට සිදුව ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හය ලක්ෂ 96,000කට අධිකයි. 1918 වසරේ දී ස්පාඤ්ඤ උණ හේතුවෙන් අමෙරිකාවේ මියගිය සංඛ්‍යාව ද අභිබවා කොරෝනා මරණ සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    Last modified on බදාදා, 22 සැප්තැම්බර් 2021 11:37

    Latest News