වැඩිම කොරෝනා මරණ රුසියාවෙන්...

ඔක් 05, 2021

    ගෝලීය වශයෙන් දෛනික කොරෝනා ආසාදිතයන් වැඩිම පිරිසක් මිය යන රට බවට රුසියාව පත්ව තිබෙනවා.

    එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 800 කට අධිකයි.  ගෝලීය වශයෙන් මෙතෙක් වැඩිම කොරෝනා මරණ හා අසාදිතයන් වාර්තා වූයේ අමෙරිකාවෙන්. කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය රුසියාවට ප්‍රබලව බලපා ඇති බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ. දෛිනකව 25,000 කට වඩා ඉහළ ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන රුසියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 7,612,000 ඉක්මවා ගොස් තිබෙනවා. සමස්ත මරණ සංඛ්‍යාව ද මේ වන විට 210,000 ඉක්මවා ගොස් ඇත.

    Latest News