ගංවතුර නිසා ඉන්දියාවේ 41ක් මරුට

ඔක් 20, 2021

    උතුරු ඉන්දියාවේ ගංවතුර නායයෑම්වලින් මියගිය පිරිස 41 දක්වා ඉහළ ගොස් තිබේ. තවත් විශාල පිරිසක් අතුරුදන්ව ඇතැයි ද වාර්තා වෙයි.

    වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ, උත්තර්ඛාන්ද් ප්‍රාන්තයටයි. නිවාස ඇතුළු ගොඩනැගිලි රැසක් මුළුමනින්ම විනාශ වී තිබේ. අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

    කෙසේ වුවද, තවදුරටත් ඇඳහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් සහ සහන සැපයුම් සඳහා දැඩි බලපෑම් එල්ල වී තිබේ.

    මුක්තේෂ්වර් කාලගුණ මධ්‍යස්ථානයේ වාර්තාවලට අනූව, ඊයේ ප්‍රාන්තයෙන් වාර්තා වූ වර්ෂාපතනය මිලිමීටර් 340ක්. එය 1897 වසරට පසු වාර්තා වූ ඉහළම දෛනික වර්ෂාපතනයයි.

    Last modified on බදාදා, 20 ඔක්තෝබර් 2021 15:58

    Latest News