එරටින් නව ආසාදිතයින් 49,139 දෙනෙකු ඊයේ හඳුනාගැනුනා. එම කාලසීමාවේදී එරට සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 179 ක්. බ්‍රිතාන්‍යයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 8,590,000 කට ආසන්නයි. සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ද 139,000 ඉක්මවා තිබෙනවා.
බ්‍රිතාන්‍ය සෞඛ්‍ය පද්ධතිය අර්බුදයකට ලක්ව ඇති බැවින්, ආසාදන අවම කිරීමට නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි, එරට වෛද්‍යවරුන් රජයෙන් ඉල්ලා සිටින්නේ. සමාජ දුරස්ථකරණය මෙන්ම සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අඛණ්ඩව අනුගමනය කරන ලෙස ද බ්‍රිතාන්‍ය රජය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.