සීඑන්එන් පුවත් සේවය සඳහන් කරන්නේ, එරට ප්‍රාන්ත 11ක කොවිඩ් ආසාදිතයන් 100කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වීම නිසා මේ පියවර ගෙන ඇති බවයි.
චීනයේ නව කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය සිදුවෙමින් පවතින්නේ එරට ජනගහණයෙන් 75% ක ප්‍රමාණයක් හෝ බිලියනයකට වැඩි ප්‍රමාණයක් පූර්ණ එන්නත්කරණයට ලක්වී සිටින අවස්ථාවකදීය.
මේ තත්ත්වය මත චීනයේ අගනුවර සංචරණ සීමා දැඩි කර ඇති අතර, වෙනත් නගරවලින් පැමිණෙන සංචාරකයන් නෙගටිව් පීසීආර් පරීක්ෂණයක් සිදු කර තිබීම අනිවාර්ය කර ඇත.
එමෙන්ම එම සංචාරකයන්ට දින 14ක නිරෝධායන කාලසීමාවක් ගත කිරීම ද අනිවාර්ය කර ඇතැයි වාර්තා වේ.