එලිසබෙත් රැජිනටත් වෛද්‍ය උපදෙසක්

ඔක් 30, 2021

    දෙවන එලිසබෙත් රැජිනට අවම වශයෙන් ඉදිරි සති දෙක කාලයක් විවේක ගන්නා ලෙස වෛද්‍යවරුන් උපදෙස් දී ඇති බව බකිංහැම් මාලිගය ඊයේ නිවේදනය කර තිබේ.

    නිල සංචාරවලින් වැළකී "විවේකි සුවය සහිත රාජකාරි" පමණක් සිදු කරන ලෙස ඇයට උපදෙස් දී ඇති බවයි, එම නිවේදනයේ සඳහන් වන්නේ. 

    එබැවින් බ්‍රිතාන්‍යයට සහ පොදුරාජ්‍ය මණ්ඩලයට සේවය කළ අයට උපහාර දැක්වීවමට නොවැම්බර් 13 වැනිදා පැවැත්වීමට නියමිත උත්සවයට සහභාගි වීමට රැජිනට නොහැකි වනු ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    කෙසේ වෙතත්, ඊළඟ දිනයේ හමුදා ප්‍රවීණයන් සඳහා ජාතික අනුස්මරණ උත්සවයකට සහභාගී වීමට "ස්ථිර චේතනාවක්" ඇයට තිබූ බව එහි සඳහන් වේ.

    95 වැනි වියේ පසුවන ලොව දීර්ඝතම රජකම් කළ රැජිනට වසර ගණනාවකට පසුවයි ලන්ඩනයේ කිං එඩ්වඩ් VII පෞද්ගලික රෝහලේ රාත්‍රිය ගත කිරීමට සිදුව ඇත්තේ.

    කොවිඩ් -19ට සම්බන්ධ නොවූ නිශ්චිත රෝගයක් සඳහා “මූලික පරීක්ෂණ” සිදු කිරීමට රැජින එක් රැයක් එහි රැඳී සිටියාය. එලිසබෙත් රැජින යහපත් මනෝභාවයකින් පසු වන බවත් වින්ඩ්සර් කාසල් වෙත ආපසු පැමිණීමෙන් පසු ඇය සැහැල්ලු රාජකාරිවලට පැමිණ ඇති බවත් මාධ්‍ය වාර්තා කරයි.

    දෙවන එලිසබෙත් රැජින රෝහල් ගතව සිටීමෙන් පසු විවේක ගන්නා ලෙස වු වෛද්‍ය උපදෙස් හේතුවෙන් ස්කොට්ලන්තයේ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී නොවන බව මෙම සතිය මුලදී බකිංහැම් මාලිගය නිවේදනය කළේය.

    රෝහල් සංචාරයට පෙර ඇයට උතුරු අයර්ලන්තයේ සංචාරයක් අවලංගු කිරීමට සිදුවුවාය. ඇය ලබන වසරේ දෙවන එලිසබෙත් රැජිනගේ පදවි ප්‍රාප්තියේ 70 වසර සමරන ප්ලැටිනම් ජුබිලිය සනිටුහන් කිරීමට නියමිතයි.

    වයස අවුරුදු 99 දී මියගිය ඇගේ සැමියා වන පිලිප් කුමරුගේ අභාවයෙන් පසු මාස ​​කිහිපය තුළ පවා රාජකීය රාජකාරිවල කාර්යබහුල කාලසටහනක් පවත්වා ගෙන යයි.

    Last modified on සෙනසුරාදා, 30 ඔක්තෝබර් 2021 14:54

    Latest News