අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර ගන්නැයි චීනය ජනතාවට දන්වයි

නොවැ 03, 2021

    හදිසි අවස්ථාවක් එළඹුනහොත් ඊට මුහුණදීමට අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර ගබාගන්නැයි,චීන බලධාරීන් සිය රටවැසියන්ට දැනුම් දී තිබේ.

    එරට වෙළඳ අමාත්‍යාංශය විසින් මේ බව නිවේදනය කළේය. කෙසේ වුවද, හදිසියේ භාණ්ඩ එක් රැස් කර තබා ගන්නා ලෙස ජනතාවට දැනුම් දීමට මූලිකම හේතුව පැහැදිලිව ප්‍රකාශ කර නොමැත.

    කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් එරට ප්‍රදේශ එකවර වසා දැමීම සහ ඉකුත් දිනවල අධික වර්ෂාපතනයෙන් වගා හානිවීම් හමුවේ සැපයුම් දාම බිඳවැටී ඇති බවයි වාර්තා වන්නේ.

    මේ වන විට එරට වෙළඳසැල්වල දිගු පෝලිම් හටගෙන ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.

    Last modified on බදාදා, 03 නොවැම්බර් 2021 11:20

    Latest News