ඊයේ වැඩිම කොවිඩ් - 19 මරණ රුසියාවෙන්... 

නොවැ 09, 2021

    දහසකට ආසන්න ආසාදිතයන් පිරිසක් කොවිඩ්-19 රෝගයට ගොදුරු වීමෙන් ඊයේ දිනය තුළ පමණක් මියගොස් ඇතැයි, රුසියානු සෞඛ්‍ය අංශ පවසයි.

    රුසියාව මේ වන විට ලොව වැඩිම දෛනික මරණ වාර්තා වන රට බවට පත්ව තිබේ.  රුසියාවෙන් ඊයේ කොරෝනා මරණ 1190ක් වාර්තා විය. ඊට පෙර දින එම සංඛ්‍යාව 1179ක්.

    එරටින් විශාල ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වීමද ගැටලුවක්ව පැවතින. පසුගිය දින කිහිපයේ රුසියාවෙන් හතළිස් දහසකට ආසන්න දෛනික ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා විය. එහෙත් කොරෝනා වසංගතයේ මුල් අවදියේ දී රුසියාවෙන් වාර්තා වූයේ අඩු මරණ සංඛ්‍යාවකි.

    Latest News