ඔවුන් දෙදෙනාම හමුවී ඇත්තේ, කර්නාටක ප්‍රාන්තයෙන්. ආසාදිතයින් 66 සහ 46 යන වයස් කාණ්ඩවල පසුවන්නන්. දෙදෙනාම පිරිමි පුද්ගලයින්. මෙම ආසාදිතයන් ඉන්දියාවෙන් හඳුනාගැණුනේ, ප්‍රථම වරටයි. ඔවුන්ගෙන් දරුණු රෝග ලක්ෂණ පහළවී නැතැයි, ඉන්දීය සෞඛ්‍ය අංශ පවසනවා. 66 හැවිරිදි පුද්ගලයා දකුණු අප්‍රිකාවේ සංචාරයක් සිදු කළ විදේශීය ජාතිකයෙක්. 46 හැවිරිදි පුද්ගලයා බෙංගරාරු ප්‍රදේශයේ සෞඛ්‍ය සේවකයෙක්.