“ඒරෝ ඉන්දියා“ ගුවන් ප්‍රදර්ශනයේ ගින්නක්

පෙබ 23, 2019

    “ඒරෝ ඉන්දියා“ ගුවන් ප්‍රදර්ශනයේ ඇති වූ ගින්නකින් ඉන්දියාවේ බැංගලෝර් නගරයේ මෝටර් රථ 150ක් පමණ විනාශ විය.

    ගින්න හටගෙන ඇත්තේ වාහන අංගනය තුළයි. අද දහවල් ගින්න ඇතිවන අවස්ථාවේ වාහන 300ක් පමණ එහි ගාල්කර තිබූ බව, වාර්තාවේ. ගින්නට හේතුව හඳුනාගෙන නැතත්, ඉවත දමන ලද දුම්වැටියක් මගින් එය හටගන්නට ඇති බව විශ්වාස කෙරේ.

    ඉන් කිසිවෙකුට තුවාල සිදුවී නොමැත. ගින්න සම්පූර්ණයෙන් පාලනය කළ බව ඉන්දීය වාර්තාවල දැක්වේ. ඉන්දීය ආරක්‍ෂක අමාත්‍යාංශය සංවිධාන කරන “ඒරෝ ඉන්දියා“ ගුවන් සංදර්ශනය ආරම්භ වූයේ, ඊට දින කිහිපයකට පෙර සිදු වූ ගුවන් යානා ගැටුමකින් පසුවයි. 

    Latest News