ඔහු එරට ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, කොවිඩ් මර්දන එන්නත් හැකි ඉක්මනින් ලබාගන්නා ලෙසයි. වසංගතයට ඇති එකම විසඳුම කොවිඩ් මර්දන එන්නත් ලබා ගැනීම බව ද ජෝ බයිඩන් පවසනවා. එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්, බූස්ටර් එන්නත ලබාගැනීමේ ඇති වැදගත්කම ද ඔහු පෙන්වා දෙනවා. අමෙරිකාවෙන් ඊයේ වාර්තා වූ නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්ෂ 44,000කට අධිකයි. මරණ 997ක් සිදුව තිබෙනවා.