ඒ අනූව නගර වැසියන් එක්කෝටි 30 ලක්ෂයකට නිවසින් පිටතට යාම තහනම් කර ඇති බවයි, වාර්තා වන්නේ.
ෂියෑන් නගරයෙන් ඉකුත් 9වැනිදා සිට මේ දක්වා කොරෝනා ආසාදිතයින් 143 දෙනෙකු හඳුනා ගෙන තිබේ. නගරය වසා තැබීමේ සීමාවන්ට අනූව නිවසින් පිටතට යාමට අවසර හිමිවන්නේ දින දෙකකට වරක් එක් පුද්ගලයෙකුට පමණි.
ඒ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහායි. අනෙක් සෑම අවස්ථාවකදීම පවුලේ සියලු දෙනා නිවස තුළම රැඳී සිටිය යුතුයි. හදිසි අවස්ථාවකදී නිවසින් පිටතට යාමට අවසර දී ඇති අතර ඒ සඳහා ද බලධාරීන්ගේ අවසරය ගත යුතුයි.
සංචරණ සීමා කොතෙක් කාලයක් බලපැවැත්වෙන්නේ ද යන්න පිළිබඳ දැනුම් දී නොමැත.