යුද ගැටුමට මැදිවූ අමෙරිකානු මාධ්‍යවේදියෙක් මියයයි

මාර් 14, 2022

    රුසියානු - යුක්‍රේන යුද්ධයට මැදි වූ අමෙරිකානු මාධ්‍යවේදියෙක් මරණයට පත්ව තිබේ.

    අදට දින 19ක් වන ආක්‍රමණයේ දී ඝාතනය වූ පළමු විදෙස් මාධ්‍යවේදියා ඔහු බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

    බ්‍රෙන්ට් රෙනෙව්ඩ් නමැති මෙම මාධ්‍යවේදියා ඉර්පින් නගරයේ යුද්ධය වාර්තා කිරීමේ නිරතව සිට තිබේ. එහිදී රුසියානු හමුදාව වෙඩි තබා ඔහු ඝාතනය කර ඇති බව කියෙව් අගනුවර පොලිස් ප්‍රධානී පවසයි.

    ඔහු සමග සිටි තවත් විදෙස් මාධ්‍යවේදීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි, පොලිස් ප්‍රධානී පවසා ඇත්තේ.

    රුසියානු ප්‍රහාරවලින් සාමාන්‍ය ජනතාව සහ මාධ්‍යවේදීන් ඝාතනයවීම යුද නීති උල්ලංඝනය වීමක් බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

    Last modified on සදුදා, 14 මාර්තු 2022 10:34

    Latest News