යුක්‍රේන අර්බුදය ගැන රමපෝසාගෙන් චෝදනාවක්

මාර් 18, 2022

    යුක්‍රේන අර්බුදයට, අමෙරිකාව ප්‍රමුඛ නේටෝ සංවිධානය වගකිවයුතු බවට දකුණු අප්‍රිකාවේ ජනාධිපති සිරිල් රමපෝසා චෝදනා කරයි.

    නේටෝ සංවිධානය, රුසියාවේ එළිපත්තටම ව්‍යාප්ත කිරීම හේතුවෙන් මෙම අර්බුදය පැනනැගී ඇති බවයි ඔහු පවසන්නේ. 

    නේටෝ සංවිධානය රුසියාව දෙසට ව්‍යාප්ත වීම පිළිබඳව එම සංවිධානය තුළින්ම මීට පෙර අනතුරු ඇඟවීම් නිකුත් වූ බව දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා පවසයි.
    මීට පෙර නේටෝ රටවල නායකයින් කිහිපදෙනෙකුම එම වැඩපිළිවෙළ හේතුවෙන් කලාපයේ අස්ථාවර භාවයක් ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබිණ. 

    1991 වසරේ සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමෙන් අනතුරුව, ඒ යටතේ තිබූ රටවල් ඈදා ගැනීමට නේටෝව උත්සහ කිරීම සමග මෙම අර්බුදය ආරම්භ වූ බව ඔහු පවසයි.

    Last modified on සිකුරාදා, 18 මාර්තු 2022 11:12

    Latest News