නේටෝ සංවිධානය රුසියාව ආසන්නයේ යුද අභ්‍යාසයක් අරඹයි

මාර් 18, 2022

    නේටෝ සංවිධානය, රුසියාව ආසන්නයේ විශාල යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබේ.

    නේර්ටෝ රාජ්‍යයේ පැවැත්වෙන මෙම යුද අභ්‍යාසයට නේටෝ රටවල සෙබලුන් තිස් දහසක් පමණ සහභාග වී සිටින බවයි, වාර්තා වන්නේ. නේටෝ රටවල් 27ක් මෙම යුද අභ්‍යාසයට සහභාගී වී සිටියි. ඊට යුද නෞකා 50ක්, ගුවන්යානා 200ක් සහ සන්නද්ධ රථ අති විශාල සංඛ්‍යාවක් එක්කර තිබේ.

    පසුගිය සඳුදා ආරම්භ වූ මෙම යුද අභ්‍යාසය අප්‍රේල් මාසය දක්වා පැවැත්වෙන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම යුද අභ්‍යාසය රුසියාවට එරෙහිව සටන් කිරීමේ සූදානමක් ලෙසයි, ඇතැම් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

    රුසියාවට ආසන්න භූමි ප්‍රදේශවල අධික ශීත කාලගුණයක් යටතේ සටන් කිරීමේ හැකියාව මෙමගින් අත්හදා බලන බවයි, විශ්ලේෂකයින් පවසන්නේ.

    නේටෝ සංවිධානය සහ නෝර්වේ රාජ්‍යය සඳහන් කරන්නේ, මෙම යුද අභ්‍යාසය යුක්‍රේන අර්බුදය ආරම්භ වීමට බොහෝ කලකට පෙර සැලසුම් කරන ලද්දක් බවයි.

    Last modified on සිකුරාදා, 18 මාර්තු 2022 11:17

    Latest News