රට තුළ රුසියාව විසින් සිදුකළ සියලු යුද අපරාධ පිළිබඳව තම නිලධාරීන් තොරතුරු රැස්කරමින් සිටින බව සෙලෙන්ස්කි පවසයි. එමෙන්ම, සිදු වී ඇති යුද අපරාධ පිළිබඳ තම රටේ බලධාරීන් මෙන්ම, එය උදෙසා සමස්ත යුරෝපයම අවධානය යොමු කළ යුතු බව ඔහු විසින් සිහිපත් කර තිබේ.
ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයේ නියෝජිතයන් විසින් තම උපරිමයෙන් යුක්රේන ජනතාවට සිදු වූ අපරාධයන් පිළිබඳ සොයා බලනු ඇතැයි, ඔහු බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර තිබේ.