රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් නෙරපා හැරේ...

අප්‍රේ 06, 2022

    ඉතාලිය, ඩෙන්මාර්කය සහ ස්වීඩන රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් එම රටවල්වලින් නෙරපා හැරීමට තීරණය කර තිබෙනවා.

    රුසියානු - යුක්‍රේන ගැටුම් හේතුවෙන් උද්ගත වී ඇති රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය මේ වන විට උත්සන්න වී තිබෙනවා. රටවල් රැසක් රුසියානු රාජ්‍ය නිලධාරින් නෙරපා හැරීමට ගත් තීරණය ඊට හේතුවයි. ඩෙන්මාර්ක විදේශ අමාත්‍යාංශය පැවසුවේ, එරට සිටි රුසියානු නිලධාරින් ඩෙන්මාර්කයේ ආරක්ෂක තොරතුරු රුසියාවට ලබාදී ඇති බවයි.

    එම නිලධාරින් රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල නිරත වීමට වඩා සිදුකර ඇත්තේ, ඩෙන්මාර්කයේ අභ්‍යන්තර සහ ආරක්ෂක කටයුතු පිළිබඳ ඔත්තු බැලීමයි. ඉතාලිය සහ ස්වීඩන් බලධාරින් පැවසුවේ ඔවුන්ගේ රටවල්වල ආරක්ෂක හේතූන් නිසා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් පිරිසක් නෙරපීමට පියවර ගත් බවයි.

    Latest News