රුසියානු බලධාරීන් පවසන්නේ, එක්සත් රාජධානිය විසින් පනවනු ලැබ ඇති සම්බාධකවලට ප්රතිචාරයක් ලෙස මේ පියවර ගත් බවයි. රුසියානු රජය, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සඳහා ද ඉකුත් මාර්තු මාසයේදී මෙවැනිම තහනමක් පැනවීමට ක්රියා කළා. එක්සත් ජනපදය ඇතුළු සහචරයින් යුක්රේනයට ආයුධ සැපයීම අඛණ්ඩව සිදු කරගෙන ගියහොත්, අත්විය හැකි ප්රතිවිපාක සම්බන්ධයෙන් මොස්කව් බලධාරීන් නිල වශයෙන් අනතුරු ඇඟවීමක් ද සිදුකර තිබෙනවා.