අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සමග පසුගියදා පැවති සාකච්ජාවක දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ගෝලීය වශයෙන් තිරිඟු හා ධාන්‍ය මිල මේ වන විට ඉහළ ගොස් තිබේ.
ගෝලීය ධාන්‍ය අවශ්‍යතාවෙන් 30%ක් සපයනු ලබන්නේ, යුක්‍රේනය හා රුසියාවයි. දෙරට අතර යුද්ධය නිසා එම ප්‍රමාණය අහිමිවීම මිල ඉහළ යාමට හේතුවී තිබේ.
විකල්පයක් ලෙස ලෝක වෙළෙඳ සංවිධානයේ අවසරය ලැබෙන්නේ නම් ධාන්‍ය හිඟය පියවීම සඳහා සහල් හා සූර්යකාන්ත ඇට අපනයනය කිරීමට ඉන්දියාව යෝජනා කර තිබේ.