ප්‍රංශයෙන්, යුක්‍රේනයට යුද හා මානුෂිය ආධාර

මැයි 01, 2022

    ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්, යුක්‍රේනයට යුද ආධාර මෙන්ම, මානුෂිය ආධාර ද ලබාදීම වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

    ඒ යුක්‍රේන ජනාධිපති වොලොද්මියර් සෙලෙන්ස්කි සමඟ ඊයේ පැවති සංවාදයකින් අනතුරුවයි. ප්‍රංශ ජනාධිපතිවරයා මෙහිදී, රුසියානු හමුදාව යුක්‍රේනයට එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන් සිය කණගාටුව පළකර තිබෙනවා. ප්‍රංශය මෙන්ම එක්සත් ජනපදය ඇතුළු රටවල් රැසක් ද යුක්‍රේනයේ ඩොන්බාස් ප්‍රදේශ‍යේ යුද මෙහෙයුම් සඳහා දිගු දුර කාලතුවක්කු සිය ගණනක් ලබාදීමටයි පියවර ගෙන ඇත්තේ.
    ප්‍රංශය වෛද්‍ය උපකරණ, ආහාර, නවාතැන් ආධාර හා හදිසි අවශ්‍යතා සඳහා වාහන ඇතුළු ටොන් 615කට වැඩි උපකරණ තොගයක් ලබාදීමට ක්‍රියා කර ඇති බවයි වාර්තා වන්නේ.

    Latest News