ලොව රටවල් රැසක් ආර්ථික අර්බුද...

මැයි 05, 2022

    ඉහළ යන උද්දමනය හමුව් ලොව රටවල් රැසක් ආර්ථික ගැටලුවලට මුහුණ දෙමින් ඇත.

    ගෝලීය වෙළඳපොළේ සැපයුම් ජාල අඩාලවීම හා බලශක්ති ප්‍රභවයන් හි මිල ඉහළයාම වත්මන් ආර්බුදයට මූලික හේතුව ලෙසයි සැලකෙනු ලබන්නේ.  මෑත කාලීනව උද්ධමනය වඩාත්ම ඉහළ ගිය රටක් වන්නේ තුර්කියයි. අප්‍රේල් මාසයේ එරට උද්ධමන අනුපාතිකය 70%ක් ලෙසයි වාර්තා වන්නේ. මේ තත්වය හේතුවෙන් තුර්කියේ පාරිභෝගික ආහාර සහ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පසුගිය වසරට සාපේකෂව 89%කින් වැඩිවීමක් පෙන්නුම් කර තිබේ. තුර්කියේ ප්‍රවාහන සේවා මිල ගණන් 106%කින් වැඩිවී ඇති බවයි,  සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ.

    යුක්‍රේන යුද්ධය හා කෙරෝනා සමයේ ඇතිවූ නිෂ්පාදන අඩාලවීම පදනම් කරගනිමින් ගෝලීය ආහාර මිල ගණන් ඉතා ශීඝ්‍රයෙන් වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා. ආජන්ටිනාවේ උද්ධමනය 52%ක්ද, රැසියාවේ 16.7%ක්ද, ඉන්දියාවේ 7%ක් ද යුරෝපා කලාපයේ 7.5%ක් ද, අමෙරිකා එක්සත් ජනපදයේ 8.5%ක් ද බ්‍රිතාන්‍යයේ 7%ක් ද වශයෙන් උද්ධමන අනුපාතිකයන් සඳහන් වනවා.

    Latest News