යුක්රේනයේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි සෙවරඩොනෙට්ස්ක් නගරයට රුසියානු හමුදාව කාලතුවක්කු ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. එම ප්‍රහාරවලින් නගරයේ යටිතල පහසුකම්වලට දැඩි හානි සිදුව ඇති අතර, විදුලිය හා සන්නිවේදන කටයුතු ඇණහිට ඇති බවයි යුක්රේන බලධාරීන් පවසන්නේ. ලුහාන්ස්ක් සහ ඩොනෙට්ස්ක් ප්‍රදේශවලට ඊයේ එල්ල කෙරුණු රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් 6 දෙනෙකු මියගිය බව විදෙස් වාර්තාවල සඳහන්.