තවත් මාස 06ක් සිරියාවට ආධාර.... USNEWS

තවත් මාස 06ක් සිරියාවට ආධාර....

ජූලි 12, 2022

    එක්සත් ජාතීන්ගේ සංවිධානය, සිරියාවට ආධාර ලබාදීමේ වැඩපිළිවෙළ, මාස 6 ක් දක්වා දීර්ඝ කිරීමට අපේක්ෂා කර කරයි. 

    එම සංවිධානය වයඹදිග සිරියාවට ආහාර, ඖෂධ සහ නවාතැන් ලබාදීමේ මෙහෙයුම ආරම්භ කර ඇත්තේ, 2014 වසරේදී. එහෙත් දීර්ඝ කාලයක් තිස්සේ එම මෙහෙයුම මතභේදයට තුඩුදුන් බවයි වාර්තා වන්නේ. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, වයඹ දිග සිරියාවේ මිලියන සංඛ්‍යාත පිරිසකට ආධාර ලබාදීමේ වැඩපිළිවෙළ මාස 6 ක කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සිය සාමාජික රටවල් සමග සාකච්ඡා කර ඇති බවයි. ඊට අදාළ කෙටුම්පත් සම්මත කර ගැනීම සඳහා සාමාජික රටවල් 15 කින් යුත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂ ක මණ්ඩලය ඡන්දය විමසීමට ද නියමිත බවයි වාර්තා වන්නේ.

    Latest News