ආසියානු රටවල බැංකු පොලී අනුපාතය ඉහළ දමන්නැයි IMF නිර්දේශ

ජූලි 30, 2022

    යුක්‍රේන - රුසියානු යුද්ධය හේතුවෙන් ඉහළ ගිය ඉන්ධන හා ආහාර මිල හේතුවෙන් ඇති වූ උද්ධමනය පාලනයට  ඇතැම් ආසියානු රටවලට අයත් මහ බැංකු පොලී අනුපාත ශීඝ්‍රයෙන් ඉහළ දැමිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ ෆැසිපික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් පවසනවා.

    වෙබ් අඩවියකට ප්‍රකාශයක් නිකුත් කරමිනුයි, ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ. කෙසේ වෙතත් මෙම ආසියානු රටවල් කුමක්ද යන්න ඔහු එහිදි එළි කර නැහැ. පොලී ඉහළ නැංවීම කොවිඩ් වසංගත කාලයේ ලබා ගත් පුද්ගලික සහ ව්‍යාපාරික ණයවලට සෘජුවම බලපානු ඇති බව ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා පවසනවා.

    2007,2008 ගෝලීය මූල්‍ය අරබුදයට පෙර සමස්ත ගෝලීය ණය ප්‍රමාණයෙන් සියයට 25ක ප්‍රමාණයක් අයත් වූයේ, ආසියානු කලාපයටයි.  කොවිඩ් වසංගතයෙන් පසු නිකුත් වී ඇති වාර්තා අනුව එය සියයට 38ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    විවිධ රටවල ඇති ආර්ථික ප්‍රතිපත්ති සහ මූල්‍ය කළමනාකරණය තුළින් උද්ධමනය පාලනයට හැකි වනු ඇතැයි, ඔහු අපේක්ෂා කරනවා.   

    Last modified on සෙනසුරාදා, 30 ජූලි 2022 11:54

    Latest News