තවත් අමෙරිකානු දූත පිරිසක් තායිවානයේ සංචාරයක

අගෝ 15, 2022

    එක්සත් ජනපද කථානායිකා, නැන්සි පෙලෝසි ගේ තායිවාන චාරිකවෙන් පසු තවත් අමෙරිකානු දූත පිරිසක් තායිවානයේ සංචාරයක් සඳහා එරටට පැමිණ තිබෙනවා.



    මෙම දූත පිරිසට අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල සභිකයින් පස්දෙනෙක් එක්ව ඇතැයි, විදෙස් මාධ්‍ය සඳහන් කළා. දූත පිරිස හෙට දිනයේ එරටින් පිටවීමට නියමිතයි. නැන්සි පෙලෝසිගේ සංචාරයෙන් දින 12 කට පසු මෙලෙස තවත් අමෙරිකානු දූත පිරිසක් මෙලෙස තායිවානයේ සංචාරය කිරීම නිසා දෙරට අතර අර්බුදය උග්‍ර වනු ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    Latest News