රුසියානු හමුදාවන්ට දැඩි පීඩනයක්

අගෝ 20, 2022

    රුසියාව අත්පත් කරගෙන ඇති යුක්‍රේනයේ ක්‍රිමියානු අර්ධද්විපයට යුක්‍රේන හමුදා එල්ල කළ ප්‍රහාර හේතුවෙන් රුසියානු හමුදාවන්ට විශාල පීඩනයක් එල්ල වී ඇතැයි ජාත්‍යන්තර යුද විශේලේෂකයන් පවසනවා.  

    පසුගිය 9 වැනිදා ක්‍රිමියානු අර්ධ ද්විපයේ සකී ගුවන් කඳවුරේ, ඇති වූ පිපිරිම් මෙන්ම එල්ල වූ යුක්‍රේන ප්‍රහාර හේතුවෙන් කළු මුහුදේ ඇති රුසියානු නාවික හමුදාවට අයත් ජෙට් යානාවලින් අඩකට පමණ දැඩි හානී සිදු වී තිබෙනවා. ජෙට් යානා 8ක් මුළුමනින්ම විනාශ වී ඇති බවයි, ජාත්‍යන්තර යුද විශ්ලේෂකයින් පවසන්නේ.

    අර්ධ වශයෙන් හානී වී ඇති ජෙට් යානා අක්‍රිය තත්වයේ පවතින අතර, ඒවා සියල්ල නැවතත් අළුත්වැඩියා කිරීමකින් තොරව ගුවන් ගත කිරීමට නොහැකි තත්වයක ඇති බවයි, වාර්තා වන්නේ. යුක්‍රේනය මීට පෙර රුසියානු හමුදාවට අයත් කළු මුහුදේ ඇති මොස්කොවා නැමැති ප්‍රහාරක නෞකාව විනාශ කර තිබෙනවා.

    2014 වසරේ දී රුසියානු හමුදාව විසින් යුක්‍රේනයේ ක්‍රිමියා අර්ධ ද්වීපය තම පාලනය යටතට පත් කර ගනු ලැබුවා. කිසිදු යුක්‍රේන ප්‍රහාරයක් එල්ල කළ නොහැකි ස්ථානයක් ලෙසයි, එය සැලකුණේ. ඒ හේතුවෙන් දහස් ගණන් රුසියානු සංචාරකයින් මෙම ප්‍රදේශයට පැමිණ තිබුණා. යුක්‍රේනය එල්ල කරන දැඩි ප්‍රහාර හේතුවෙන් රුසියානු සංචාරකයින්ගෙන් බොහෝ දෙනෙක් නැවතත් රුසියාවට පලා ගොස් තිබෙනවා.

    Last modified on සෙනසුරාදා, 20 අගෝස්තු 2022 11:55

    Latest News