යෝජිත ඇමරිකානු -තායිවාන වෙළඳ ගිවිසුම චීනය හෙළාදකී...

අගෝ 19, 2022

    ඇමරිකාව සහ චීනයේ තායිවාන කලාපය අතර, නිල හෝ ස්වෛරීභාවයක් ප්‍රකාශ කෙරෙන ඕනෑම ගිවිසුමකට දැඩි විරෝධය පළකරන බව චීනය කියා සිටී.

    චීන රාජ්‍ය කවුන්සිලයේ, තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශක Ma Xiaoguang මහතා ඊයේ (18) මේ බව පැවසීය. ඒ, "21 වැනි සියවසේ ඇමරිකානු-තායිවාන වෙළඳ මුලපිරුම" නමැති ගිවිසුමක් පිළිබඳව පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කෙරුණු විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

    එකම චීනය මූලධර්මය සහ චීන- ඇමරිකානු ඒකාබද්ධ ප්‍රකාශනයන් හි සඳහන් විධිවිධානවලට අවනත වන ලෙස චීනය, ඇමරිකානු පාර්ශ්වයෙන් යළිත් ඉල්ලා සිටී. චීනයේ එක්සත් භාවය සහ ජාතික පුනර්ජීවනය අවහිර කිරීම සඳහා, තායිවානය යොදා ගැනීමේ ප්‍රයත්න සාර්ථක නොවන බව ද Ma Xiaoguang මහතා පෙන්වාදෙයි.

    අරෝෂා සමරදිවාකර චීනයේ සිට...

    Latest News