අල්-බාබ් නගරයට එල්ල වූ රොකට් ප්‍රහාරයකින් සිවිල් වැසියන් 15ක් මරුට

අගෝ 20, 2022

    උතුරු සිරියාවේ අල්-බාබ් නගරයට ඊයේ එල්ල වූ රොකට් ප්‍රහාරයකින් සිවිල් වැසියන් 15 දෙනෙකු මියගොස් තිබෙනවා.

    30 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. අල්-බාබ් නගරයේ ජනාකීර්ණ වෙළෙඳපොළක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය එල්ල වී තිබෙනවා. සිරියානු ආරක්ෂක අංශ පවසන්නේ, මියගිය පිරිස අතර, දරුවන් 5 දෙනෙකුද සිටින බවයි. 

    සිරියාවේ ඇලෙපෝ නගරයේදී සිරියානු හමුදාවන්ගේ සහ ඇමෙරිකාවේ සහය ලබන කුර්දි සටන්කරුවන් ගුවන් ප්‍රහාරයකින් මියයාමේ සිදුවීමට දින කිහිපයකට පසු මෙම ප්‍රහාරය, තුර්කියේ සහය ලබන සටන්කරුවන් විසින් එල්ල කළ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

    ප්‍රහාරය සම්බන්ධයෙන් සිරියානු රජය තුර්කියට චෝදනා කරන බවට එම මාධ්‍ය වාර්තා කරනවා. 

    Last modified on සෙනසුරාදා, 20 අගෝස්තු 2022 15:32

    Latest News