යුක්රේන ජනාධිපති ව්ලොදමීර් සෙලන්ස්කි පවසන්නේ, ප්රහාරයෙන් තවත් 50 කට අධික පිරිසක් බරපතල තුවාල ලැබූ බවයි. නැගෙනහිර චැප්ලින් නගරයට එල්ල කෙරුණු මෙම ප්රහාරයෙන් මියගිය 5 දෙනෙකු වාහනයක් තුළ පිළිස්සී ගොස් ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.
ඉන් එක් අයෙකු වයස අවුරුදු 12 ක පිරිමි දරුවෙක්. යුක්රේන නිදහස් දිනයද ඊයේ අභිමානවත් ලෙස පැවැත්වුණා. නිදහස් දින උත්සවයට පෙර ජනාධිපති සෙලන්ස්කි කියා සිටියේ, අදාළ දිනය තුළ රුසියාව එක් ප්රහාරයක් හෝ සිදු කළහොත් ඊට වන්දි ගෙවීමට සිදු වනු ඇති බවයි. තම වැසියන්ට නිදහසේ සැබෑ අරුත විඳීමට ජනාධිපති පුටින් අවස්ථාව ලබාදියයුතු බව, සෙලන්ස්කි අවධාරණය කර තිබුණා.
එවැනි පසුබිමක ඊයේ එල්ල කෙරුණු මෙම ප්රහාරය පිළිබඳව යුක්රේනය දැඩි විවේචන එල්ල කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් අතරතුර යුක්රේන ජනාධිපතිවරයා මේ පිළිබඳව සංවේගයෙන් අදහස් ප්රකාශ කළා.
ප්රහාරය සම්බන්ධයෙන් රුසියාව මෙතෙක් කිසිදු ප්රකාශයක් නිකුත් කර නොමැති බවයි වාර්තා වන්නේ. කෙසේ වුවද, රුසියානු රාජ්ය සිවිල් වැසියන් සහ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් ප්රහාර සිදු කරන බවට යුක්රේනය කරන චෝදනා තවදුරටත් ප්රතික්ෂේප කරමින් සිටිනවා