ඇෆ්ගනිස්ථානයේ දරුණු ගංවතුර තත්වයක්...

අගෝ 26, 2022

    ඇෆ්ගනිස්ථානය, දරුණු ගංවතුරකින් බලපෑමකට ලක්ව තිබෙනවා.

    එරට තලෙයිබාන් ත්‍රස්ත පාලනය ලොව සෙසු රටවලින් සහ ජාත්‍යන්තර  පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටින්නේ, අපාදාවට  පත් ජනතාවට සහන සැලසීමට උපකාර කරන ලෙසයි.   ගංවතුර හේතුවෙන් මේ  වන විට 180 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා. තවත් බොහෝ පිරිසක් ආපදාවට පත්ව සිටින අතර, නිවාස ඇතුළු ගොඩනැගිලි රැසක් මුළුමනින්ම විනාශ  වී ගොසින්. 

    තත්වය ‍පාලනය කිරීමට හෝ ආපදාවට පත්වූවන්ට සහන සැලසීමට තලෙයිබාන් පාලනය අපොහොසත් වී ඇති බවයි, වාර්තා වන්නේ. ඔවුන්ට සහය වීමට ජාත්‍යන්තර ප්‍රජාව සැලකිය යුතු උනන්දුවක් නොදැක්වීම කැපී‍ පෙනෙන කරුණක්. එරට මධ්‍යම සහ නැගෙනහිර ප්‍රදේශ ගංවතුරින් දැඩි බලපෑමට ලක්ව ඇති අතර, එම ප්‍රදේශවල මානුෂීය අර්බුද උග්‍ර වී තිබෙනවා. ‍තලෙයිබාන් සංවිධානය රටේ එරට පාලන බලය අත්පත් කර ගැනීමත් සමග ඇෆ්ගනිස්ථානය දරුණු ආර්ථික අර්බුදයකට ද මුහුණ දෙමින් සිටිනවා.


    Latest News