බෙයිජිං වේලාවෙන් ඊයේ (01) රාත්‍රී 19.09 වන විට එම අභ්‍යවකාශ යානයේ සිටි Chen Dong හා Liu Yang යන ගගනගාමීහු දෙදෙනා සාර්ථක ව වෙන්ටියැන් මොඩියුලයෙන් බැහැරට පැමිණ සිටියහ. ඔවුන් දෙදෙනා පැය 7ක පමණ කාලයක් එසේ අභ්‍යවකාශ යානයට පිටතින්, මොඩියුලයට අදාළ විවිධ විද්‍යාත්මක හා තාක්ෂණික කටයුතුවල නිරත වූහ. ඒ අතරතුර, Cai Xuzhe ගගනගාමියා කේන්ද්‍රීය මොඩියුලයේ සිට ඔවුන්ට තාක්ෂණික සහය ලබදුන්නේය. මෙය, චීන ගගනගාමීන් වෙන්ටියැන් පර්යේෂණාත්මක මොඩියුලයෙන් බැහැර ව හිඳිමින් ක්‍රියාකාරකම් සිදුකළ පළමු අවස්ථාව වීම විශේෂත්වයකි.