"නන්මඩෝල්" සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්...

සැප් 20, 2022

    ජපානයට බලපෑ "නන්මඩෝල්" සුළි කුණාටුවෙන් ආපදාවට පත් පිරිස මුදා ගැනීමේ මෙහෙයුම් අතිශය දුෂ්කර බව සහන සේවකයන් පවසනවා. 

    එම පිරිස් මෑත කාලයේ මුහුණ දුන් දැවැන්තම ගංවතුර සහ නායයාම් ජපානයෙන් වාර්තා වුණා. සුළි කුණාටුව ජපානයේ කියුෂූ දූපතට ඇතුළු වූයේ ඉකුත් ඉරිදා උදෑසනයි.  ගොඩනැගිලි රැසක් මුළුමණින්ම විනාශ වුණා.  සුළි කුණාටුවෙන් පසු දැඩි ගංවතුර තත්වයක් සහ නායයාම් සිදුවූ බවයි වාර්තා වන්නේ. 

    තවමත් ගංවතුර මුළුමණින්ම පහව ගොස් නැහැ.  දෙදෙනෙකු මියගිය බවට වාර්තා වූ අතර, අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.  මේ නිසා මියගිය සමස්ත පිරිස තවදුරටත් ඉහළ අගයක් ගණු ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.  මිලියන 9 කට අධික ජනතාවකට තවදුරටත් ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙස දැණුම් දී තිබෙනවා. 350,000 අධික නිවාසවල විදුලි ඇණහිටීම් සිදුවූ අතර, ඉන් යථා තත්වයට පත් කිරීමට හැකිව ඇත්තේ තවමත් අඩක පමණ නිවාස සංඛ්‍යාවක් පමණයි.

    Latest News