වෙඩි තැබීමකින් තායිලන්තයේ 30ක් මරුට

ඔක් 06, 2022

    තායිලන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් 30 කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.  වෙඩි තැබීම සිදුව ඇත්තේ, ඊශානදිග ප්‍රදේශයේ පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයකයි.

    මියගිය පිරිස අතර දරුවන් 23 දෙනෙකු සිටින බව තායිලන්ත පොලීසිය පවසනවා.  වෙඩි තැබීම සිදු කර ඇත්තේ හිටපු පොලිස් නිලධාරියෙකු බවට සැක කෙරෙනවා.  වෙඩි තැබීමෙන් අනතුරුව තුවක්කුකරුද දිවි නසාගෙන ඇති අතර,  සිද්ධිය පිළිබඳව විමර්ශන ක්‍රියාත්මකයි. 

    Latest News