බලධාරීන් අවදානම් ප්‍රදේශවල ජනතාවට දැනුම් දී ඇත්තේ, ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කරන ලෙසයි. දින කිහිපයක සිට ඇදහැලෙන ධාරාණිපාත වැසි හේතුවෙන් ජල ගැලීම් අවදානම හට ගෙන තිබෙනවා. මේ තත්වය දැඩිව බලපා ඇත්තේ, වික්ටෝරියා, නිව්සවුත්වේල්ස් සහ තස්මේනියා යන ප්‍රාන්තවලටයි. පවුල් 500 කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති අතර, ප්‍රදේශ රැසකට විදුලිය ඇණහිට ඇති බව, විදෙස් වාර්තාවල සඳහන්.