සංගීතය අතර තුර 30ක් ක්ලාන්ත වෙයි

නොවැ 06, 2022

    ප්‍රසිද්ධ කොරියානු සංගීත කණ්ඩායමක් වන එන්.සී.ටී 127 සංගීත කණ්ඩායම ඉන්දුනීසියාවේ, ජකර්තා නුවර පැවැත්වූ සංගීත සංදර්ශනයක් අතරතුරදී පුද්ගලයින් 30 දෙනකු පමණ ක්ලාන්ත වී ඇද වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර් තා කරයි.

    මේ හේතුවෙන් එම සංගීත සංදර්ශනය අතරමග නවතා දැමීමට සංවිධායකවරුන්ට සිදුව තිබේ.

    ප්‍රේක්ෂකයන් වේදිකාවට සමීප වීමට උත්සහ කිරීමේදී ඇති වූ තෙරපීම හේතුවෙන් මෙම පිරිස ක්ලාන්ත වී ඇති බවයි වාර් තා වන්නේ.

    ගායක කණ්ඩායම ඔවුන්ගේ සමරු නොමිලේ වේදිකාවේ සිට විසි කිරීමට පටන් ගත් අවස්ථාවේ ප්‍රේක්ෂකයන් කලබල වී වේදිකාවට සමීප වීමට උත්සහ දරා ඇත.

    Last modified on ඉරිදා, 06 නොවැම්බර් 2022 10:36

    Latest News