අමෙරිකාවේ රහස් හෙළි කළ සැකකරු අත්අඩංගුවට

අප්‍රේ 14, 2023

    ‍‍අමෙරිකාවේ රහස්‍ය දත්ත ඇතුළත් ලේඛන අන්තර්ජාලයට මුදාහැරීමේ සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඔහු 21 හැවිරිදි අමෙරිකානු ගුවන් හමුදාවේ ජාතික ආරක්‍ෂක බලකායේ සාමාජිකයෙක්.

    ජැක් ටෙක්සෙයිරා මැසචුසෙට්හි පිහිටි ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගන්නා දර්ශන ද මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා. රහස්‍ය ලිපි ලේඛන ප්‍රසිද්ධියට පත් වීම නිසා අමෙරිකානු රජය සමස්ත ලෝකය ඉදිරියේ මහත් අපහසුතාවට පත්වුණා. ඒ, ලොව රටවල් රැසක අභ්‍යන්තර කටයුතුවලට අමෙරිකානු මැදිහත් වීම හෙළිදරව් වීම සහ තම මිත්‍ර රටවල් පිළිබඳව ද අමෙරිකාව ඔත්තු බලා ඇති බව, හෙළි වීම නිසයි. එෆ් බී අයි නිලධාරීන් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන, රජ‍යේ රහසිගත ආරක්‍ෂක තොරතුරු සම්ප්‍රේෂණය කිරීම අපරාධයක් බවට පත් කර ඇති
    ඔත්තු බැලීමේ පනත යටතේ ඔහුට නඩු පවරා තිබෙනවා. අද ඔහු බොස්ටන් අධිකරණයේ දී පළමු නඩු විභාගයට පෙනී සිටින බව, විදෙස් වාර්තාවල සඳහන්.

    Latest News